මෙරට සිදුවන අනතුරුවලින් වසරකට දසදහසක්, දොලොස්දහසක් අතර පිරිසකට ජිවිත අහිමි වන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පෙන්වා දෙනවා.
අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 35 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අනතුරු වැළැක්විමේ සමුළුවට එක්වෙමින්.
අනතුරු වැළැක්වීම පිළිබද ජාත්‍යන්තර සමුළුව කොළඹ දී පැවැත්වුණා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශය සංවිධාන කළ මෙම සමුළුව ආරම්භ කෙරුණේ අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රදානත්වයෙන්.
ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුණු අතර අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරුණා.