රුපියල් මිලියන 40කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් යාපනය කරෙයි නගර් වෙරළ ප්රදේශයේ දී නාවික හමුදාව සොයාගෙන තිබෙනවා.
ශ්රී ලංකා නාවික හමුදාව යාපනය කරෙයිනගර් සම්පලෝඩයි වෙරළ ප්රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සොයාගෙන තිබෙන්නේ.
ලදු කැලෑවක් තුළ සගවා තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් සියයකට අධික තොගයක් මෙහිදී සොයා ගැණුනා.
ශ්රී ලංකාවට අයත් මුහුදු සහ වෙරළ කලාපයේ සිදුවන නීතිවිරෝධී ක්රියා මැඩපැවැත්වීමට නාවික හමුදාව අඛණ්ඩ මෙහෙයුම් සිදුකරනවා. ඒ අනුව සොයාගැණුනු මෙම කේරළ ගංජා තොගය පාර්සල් 51ක අසුරා තිබූ බවයි නාවික හමුදාව ප්රකාශ කළේ.