වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වෙයි
Related Articles
කඳුකරයට නොකඩවා ඇද හැලෙන අධික වර්ෂාවත් සමග වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වූ බව වික්ටෝරියා වෙිල්ලේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා පවසයි.
මෙම වර්ෂයේදී වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු විවෘත වූ පළමු අවස්ථාව මෙය වන අතර ඊයේ (21) රාත්‍රී 08.10ට දොරටු දෙක විවෘත විය.
වෙිලි දෙකෙන් මහවැලි ගඟේ පහළ කොටසට විශල ජල දහරාවක් ගලා යන බැවින්, මහවැලි ගඟේ ජල මට්ටම වැඩිවිය හැකි බවත්, එබැවින් මහවැලි ගංගාව අවට සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට මහවැලි අධිකාරිය දැනුම් දනෙවා.