2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඡන්ද විමසීම පස්වරු 06ට පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට ( 22) බදාදා සිට ලබන මස 13 වැනි බදාදා දක්වා දින 19 ක් පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළා.
එමෙන්ම අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ලබන මස 13 වැනිදා බදාදා සවස 6.00ට පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය නොවැම්බර් මස 13 වනදා ලබන වර්ෂය සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.