උත්සව සමය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට අනුමැතිය
Related Articles
එළඹෙන උත්සව සමය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එම තීරණය අනුව ඉදිරි දින කිහිපයේදී හැකි ඉක්මණින් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බවයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
මෙහිදී විශේෂයෙන් කීරි සම්බා සහ සම්බා සඳහා ආදේශක සහල් ආනයනය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.