fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යෝජිත විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2023 06:23

යෝජිත විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය

විදුලි බල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

විදුලි බල ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා.

ඊට අදාළ අනුමැතිය හිමිවු බවයි අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් සදහන් කළේ.

පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් පසු පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි. එම අනුමැතිය ලැබීමෙන් පසු ලංකා විදුලි බල මණ්ඩලයේ සේවා සහ කාර්යක්ෂමතාව වඩාත් වර්ධනය කිරීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සිදුකෙරෙනවා.

එමෙන්ම විදුලි ජනනය සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම පෞද්ගලික අංශයේ සහභාගීත්වය යටතේ සිදුකිරීමට නියමිත බවයි අමාත්‍යරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2023 06:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්