fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැස්ස බිලිගත් ජීවිත

hasiniek
By hasiniek නොවැම්බර් 20, 2023 20:26

වැස්ස බිලිගත් ජීවිත

ඩොමිනිකන් ජනරජයේ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් 21 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

ගෙවී ගිය සති අන්තයේ ඩොමිනිකන් ජනරජයට බලපෑ අධික වර්ෂාපතනයෙන් පුද්ගලයන් 21 දෙනෙකු මිය ගොස් ඇති අතර දහස් ගණනක් අවතැන්ව සිටිනවා.

මියගිය අය අතර කුඩා දරුවන් තිදෙනෙක් ද වන බවයි සඳහන් වන්නේ.සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර අධිවේගී මාර්ගයක උමඟක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ද මිය ගියා.

අධික වර්ෂාපතනයෙන් පසු 13,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වල රඳවනු ලැබ සිටිනවා.

වර්ෂාවෙන් නිවාස රැසක් ජලයෙන් යටව ඇති අතර, විදුලිය විසන්ධි වීම හා පාලම් කඩා වැටී මාර්ග වලට හානි සිදුවීම් ද වාර්තා වනවා.

ගලා යන ජල පහරවල් සමඟ වාහන ගසා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වී තිබුණා.

hasiniek
By hasiniek නොවැම්බර් 20, 2023 20:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්