fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාසා හි රෝහලකට ගුවන් ප්‍රහාරයක්

hasiniek
By hasiniek නොවැම්බර් 20, 2023 20:16

ගාසා හි රෝහලකට ගුවන් ප්‍රහාරයක්

ගාසා හි රෝහලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර ගාසා හි අල්-ෂිෆා රෝහල් පරිශ්‍රය මරණ කලාපයක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ගාසා තීරය පැය 48ක් බිහිසුණු තත්ත්වයකට පත්ව ඇති බව ජගත් මානව හිමිකම් ප්‍රධානියා ප්‍රකාශ කිරීමෙන් පසුවයි රෝහලට ගුවන් ප්‍රහාර එල්ල කර ඇත්තේ. ඊශ්‍රායල හමුදාව විසින් අල්-ෂිෆා රෝහලට යටින් පිහිටි මීටර් 55ක් දිග, මීටර් 10ක් ගැඹුරු ත්‍රස්ත උමගක් පෙන්වන දර්ශන මාධ්‍යයට නිකුත් කර තිබුණා.

රෝහල් සංකීර්ණයේ ඇති ගොඩනැගිලි රාශියක් හමාස් සංවිධානය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා ආවරණයක් ලෙස භාවිතා කරන බව එම දර්ශනවලින් පැහැදිලිවම ඔප්පු වන බවයි ඊශ්‍රායලය පවසන්නේ.

කෙසේ වෙතත් හමාස් සංවිධානය එය ප්‍රතික්ෂේප කරනවා. මේ අතර අල්ෂිෆා රෝහල් පරිශ්‍රයෙන් ඊශ්‍රායල හමුදා ඉවත්වීමෙන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධාන නිලධාරීන් එම ප්‍රදේශය නිරීක්ෂණය කළා.

රෝහල් පරිශ්‍රයට එල්ල වු ප්‍රහාර කිහිපයක්ම එම නියෝජිතයින්ගේ නිරීක්ෂණයට ලක්වු අතර පිවිසුම ආසන්නයේ මීනි වළක් ද තිබු බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයින් පවසන්නේ. ඒ තුළ මළ සිරුරු 80ක් පමණ තිබු බවද පැවසෙනවා.

එම රෝහලේ රැදි සිටි රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලය ද ඉන් ඉවත්වෙමින් සිටි අතර බතරපළ තත්ත්වයේ පසුවන රෝගීන් 300කට අධික පිරිසක් අල්ෂිෆා රෝහල තුළ රැදි සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර ප්‍රාණ ඇපකරුවන් ගාසා රෝහලට රැගෙන ගිය බව දැක්වෙන සීසීටීවී දර්ශන දුටු බව ඊශ්‍රායලය පවසනවා.

ඔක්තෝබර් 7 වනදා එල්ල වු අති දරුණු හමාස් ප්‍රහාරයෙන් පසු ගාසා තීරයේ විශාලතම රෝහලට ප්‍රාණ ඇපකරුවන් රැගෙන යන අයුරු දැක්වෙන දර්ශන ඊශ්‍රායල හමුදාව නිකුත් කර තිබෙනවා. හමුදා ප්‍රකාශකවරයෙකු පැවසුවේ ඔවුන්ගෙන් එක් අයෙකු එහිදි ඝාතනය කර ඇති බවයි.

19 හැවිරිදි එම පුද්ගලයා සුළු තුවාල ලබා අල්ෂිෆා රෝහලට ගෙන යාමෙන් පසුව මිය ගිය බව ද ඔහු ප්‍රකාශ කළා.

ඊශ්‍රායලය කියා සිටියේ හමාස් අණදෙන මධ්‍යස්ථානයක් යැයි තමන් පවසන ස්ථානයේ උමං මාර්ගයක් ද සොයා ගත් බවයි.

ඔක්තෝබර් 7 වනදා උදෑසන සිට හමාස් සංවිධානය ප්‍රහාර එල්ල කළා. එහිදි ඊශ්‍රායල ජාතිකයින් 1200ක් මිය ගොස් 240කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපකරුවන් බවට පත්වුණා.

පසුව ආරම්භ වු ඊශ්‍රායල ප්‍රතිප්‍රහාරවලින් ගාසා තීරයේ 13000කට අධික පිරිසක් මිය ගිය අතර ඉන් 5500කුම කුඩා දරුවන්. අල්-ෂිෆා රෝහලේ සිටි ළදරුවන් 31 දෙනෙකු ඉවත් කර දකුණු ගාසා රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

ජීවිතාරක්ෂක උපකරණ නොමැතිව මෙම රෝහලේ සිරවී සිටි නොමේරූ ළදරුවන් 31 දෙනෙකු ගිලන් රථයකින් ඉවත් කර තිබෙනවා. ඊශ්‍රායල හමුදා රෝහල වැටලීමෙන් පසු ඉන්ධන සහ වෛද්‍ය සැපයුම් හිඟ තත්ත්වයක් ඇති වුණා.

ඉන්කියුබේටර් නොමැතිව ඉතිරි වූ ළදරුවන් 39 දෙනාගෙන් 31 දෙනෙකුයි මෙලෙස මාරු කර යවා ඇත්තේ. ගාසා හි රෝහල් අධ්‍යක්ෂ ජනරාල් මොහොමඩ් සාකවුට් පැවසුවේ නොමේරූ ළදරුවන් / වෛද්‍යවරුන් තිදෙනෙකු සහ හෙදියන් දෙදෙනෙකු සමඟ ඉවත් කර ඇති බවයි

hasiniek
By hasiniek නොවැම්බර් 20, 2023 20:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්