fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පක්ෂ විපක්ෂ සම සභාපතීත්වයෙන් ක්‍රිකට් විශේෂ කාරක සභාවක් ?

hasiniek
By hasiniek නොවැම්බර් 20, 2023 20:03

පක්ෂ විපක්ෂ සම සභාපතීත්වයෙන් ක්‍රිකට් විශේෂ කාරක සභාවක් ?

ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට අවධානය යොමුව තිබෙනවා

ඒ අද (20) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි

එහිදී පක්ෂ විපක්ෂ සම සභාපතීත්වය යටතේ සහ සම කාරක සභා සාමාජික සංඛ්‍යාවක් යටතේ මෙම කාරක සභාව ස්ථාපිත කිරීමට එකඟත්වය පළ වූ බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවේ

එමෙන්ම ක්‍රිකට් ඇතුළු අනෙකුත් ආයතන සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් ඉදිරියට පැවැත්වීමටත් කාරක සභා සභාපතීත්වය සම්බන්ධයෙන් පියවර ගන්නේ නම් එය කාරක සභා සාමාජිකයන්ගේ තීරණය පරිදි සිදු විය යුතු බවටයි එහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇත්තේ

hasiniek
By hasiniek නොවැම්බර් 20, 2023 20:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්