fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංකා ගමනාගමන මණ්ඩල ඉතිහාසයේ ස්වර්ණමය යුගය 2024 වසරයි – ආචාර්ය බන්දුල ගුණවර්ධන

hasiniek
By hasiniek නොවැම්බර් 20, 2023 19:34

ලංකා ගමනාගමන මණ්ඩල ඉතිහාසයේ ස්වර්ණමය යුගය 2024 වසරයි – ආචාර්ය බන්දුල ගුණවර්ධන

ලංකා ගමනාගමන මණ්ඩල ඉතිහාසයේ ස්වර්ණමය යුගය 2024 වසර බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අම්පාර ටයර් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ලංගම පුනර්ජීවන වැඩසටහන යටතේ අම්පාර ටයර් කම්හලේ නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මකයි.

ඒ යටතේ නව කම්හල් ගොඩනැගිල්ලක් ඉදිකෙරෙනවා.

රුපියල් මිලියන 120ක වියදමෙන් ඉදිකෙරෙන මෙම ගොඩනැගිල්ලට මුල්ගල තැබීම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරුණා.

ලංගම අරමුදල් මගින් මෙය ඉදිකෙරෙනවා. ලංගම සදහා අවශ්‍ය පෙරසවි සහ නැවත පිරවු ටයර් අවශ්‍යතාවෙන් තුනෙන් එකක් මෙමගින් නිෂ්පාදනය කර ගැනීම අරමුණයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් / පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ / ලංගම සභාපති ලලිත් ද අල්විස් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

hasiniek
By hasiniek නොවැම්බර් 20, 2023 19:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්