fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීන ජනපතිගේ විශේෂ නියෝජිතවරිය ජනපති හමු වෙයි

hasiniek
By hasiniek නොවැම්බර් 20, 2023 18:52

චීන ජනපතිගේ විශේෂ නියෝජිතවරිය ජනපති හමු වෙයි

මෙරටට පැමිණ සිටින චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී ශෙන් යික්න් (Shen Yiqin) මහත්මිය ඇතුළු දුත පිරිස අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ඇතුළුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය ලබාදෙන සහාය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාට සහ රජයට සිය ස්තූතිය පිරිනැමුවා

එසේම සංචාරක, ක්‍රීඩා සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවලට අදාළව දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම ශ්‍රී ලංකාවේ අභිලාෂය බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට වරාය සහ වරාය නගරය මේ වන විට ආයෝජන සඳහා සූදානම්ව පවතින බවද සඳහන් කළා.

එක් තීරයක් – එක් මාවතක් (Belt & Road) වැඩසටහනේ පාර්ශ්වකරුවන් වූ ශ්‍රි ලංකාව වැනි රටවල් ආර්ථික වශයෙන් වැඩි දායකත්වයක් ලබාදෙන එම වැඩසටහනේ දෙවන අදියරට පිවිසීමට සූදානමින් සිටින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) වෙත ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළා.

ඉන්දියන් සාගරය නාවික කටයුතු සම්බන්ධයෙන් නිදහස් කලාපයක් ලෙස මෙන්ම ලෝක භූ දේශපාලන එදිරිවාදිකම්වලින් මිදී පවතින සාම කලාපයක් ලෙස පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කලා

චීන – මියන්මාර් ආර්ථික කොරිඩෝව ශ්‍රී ලංකාව දක්වා දීර්ඝ කිරීම පිළිබඳව ද චීනයේ අවධානය යොමුව ඇතැයි විශේෂ නියෝජිතවරිය මෙහිදී පැවසුවා

චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී දෙපාර්ශ්වය එකඟතාවකට එළැඹිණි.

චීනය අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව මෙහිදී යළි තහවුරු කළ ශෙන් යික්න් මහත්මිය දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට කැපවන බවද අවධාරණය කළා.

hasiniek
By hasiniek නොවැම්බර් 20, 2023 18:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්