ව්‍යාපාරිකයෙකුට කඩු ප්‍රහාරයක්
Related Articles
තියුණු ආයුධයකින් කළ පහරදීමක් හේතුවෙන් පන්නිපිටිය ප්‍රදේශයේ පොත් අලෙවිසැලක හිමිකරු සහ තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
පන්නිපිටිය මාඹුල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම පොත් අලෙවිසැල වෙත පැමිණි පුද්ගලයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
සැකකරු වෙළෙඳසැලේ හිමිකරු වෙත මෙම පහරදීම සිදුකරන අවස්ථාවේ සිද්ධිය සමථයකට පත්කිරීම සඳහා එහි පැමිණි අසල්වැසියෙකුද බරපතළ තුවාල ලබා තිබෙනවා.