fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කටුපොල් වගාවෙන් පරිසරයට වෙනවාද?

hasiniek
By hasiniek නොවැම්බර් 20, 2023 16:07

කටුපොල් වගාවෙන් පරිසරයට වෙනවාද?

මෙරට කටුපොල් වගාවෙන් පරිසරයට යම් හානි කර තත්ත්වයක් ඇති වන්නේද නැද්ද යන්න පිළිබද කෘෂි කර්ම හා වැවිලිකර්මාන්ත අමාත්‍යාංශය මගින් අධ්‍යයනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ඇතැම් පරිසර සංවිධාන ඉදිරිපත් කර ඇති විරෝධතා සැලකිල්ලට ගනිමින්.

මෙරට ෆාම් හෙවත් කටුපොල් වගාව ආරම්භ කෙරුණේ මීට දශක කිහිපයකට පෙරයි. ඉන් පසුව ඊට ඇතැම් පාර්ශ්වවලින් එල්ල වූ විරෝධතා හා චෝදනා සැළකිල්ලට ගනිමින් ෆාම් වගාව ප්‍රවර්ධනය අත්හිටුවනු ලැබුවා.

අක්කර 20000ක වගාවක් සිදු කිරීමට සැළසුම් කර තිබුණ ද මෙරට ෆාම් වගාව ව්‍යාප්තව පවතින්නේ අක්කර 11,000 ක භූමියක පමණක් බවයි පැවසෙන්නේ.

මෙරට ෆාම් වගාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති දේවි ගුස්ටිනා ටොබින් මහත්මිය ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

මෙම වගාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නේ නම් ඒ සදහා විශාල ආයෝජනයක් සිදු කළ හැකි බව ඉන්දුනීසියා තානාපතිවරිය මෙහිදී කියා සිටියා. දෙරට අතර ෆාම් වගාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් ද පවතිනවා.

වගාව ව්‍යාප්ත කිරීමට රුපියල් බිලියන 4.5 ක ආයෝජනයක් සිදු කළ හැකි බවද තානාපතිවරයා තවදුරටත් කියා සිටියා.

මේ සම්බන්ධයෙන් නැවත අවධානය යොමු කිරීම සිදු කරන්නේ ෆාම් වගාව පිළිබද සිදු කරන අධ්‍යයන වාර්තාවෙන් පසුව බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී අවධාරණය කළේ.

hasiniek
By hasiniek නොවැම්බර් 20, 2023 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්