බාල එන්නත් ගෙන්වූ වෛද්‍ය සැපයීම් අංශයේ සිව්දෙනෙක් අත්අඩංගුවට
Related Articles
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයීම් අංශයේ උසස් නිලධාරීන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.