fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දරුවන් සමාජ විරෝධි ක්‍රියාවන්වලට යොමුවීමේ වැඩි ප්‍රවණතාවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2023 11:43

දරුවන් සමාජ විරෝධි ක්‍රියාවන්වලට යොමුවීමේ වැඩි ප්‍රවණතාවක්

කොරෝනා සමයේ දී ජංගම දුරකතන භාවිතය ඉහළ යාමත් සම දරුවන් සමාජ විරෝධි ක්‍රියාවන්වලට යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් සිදුව ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ හේතුවෙන් ලිංගික අධ්‍යාපනය ඇතුළු පාඨමාලා කීපයක් පාසල් අකධ්‍යාපනයට ඇතුළත් කිරීම පිළිබද අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ළමා අපයෝජන වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළකළා.

ටීන් හීරෝ තරුණ කණ්ඩායම මෙම උත්සවය සංවිධාන කර තිබුණා. රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2023 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්