fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු අධි අවදානම් කලාප 45ක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2023 06:15

ඩෙංගු අධි අවදානම් කලාප 45ක්

රට පුරා ඩෙංගු අසාදිතයන්ගේ සංඛ්‍යාව 72,840ක් දක්වා වර්ධනය වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය 34,645කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 47.5ක් බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසීය.

ඩෙංගු අධි අවදානම් කලාප කලාප 45ක් මේ වන විට නම් කර ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 10ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 08ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 03ක් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 11ක් ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් 02ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 02ක් ද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 01ක් ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 01ක් ද , පුත්තලම දිස්ත්‍රික්කයෙන් 04ක් ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 03ක් ද වශයෙන් එම කලාප හඳුනාගෙන තිබේ.

මේ මස තුළදී පමණක් ආසාදිතයන් 4,347ක් වාර්තා වී තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2023 06:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්