සීනි හිඟය පිළිබද දැඩි කතාබහක් මේ දිනවල පවතිනවා.
පැරණි මිලටම ගෙන ආ සීනි මෙට්‍රික් ටොන් දහනව දහසක් තවමත් රටතුළ පවතින බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ.
එයින් අනවශ්‍ය සීනි හිඟයක් ඇති කිරීමට ඉඩ නොදෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පාරිභෝගික සේවා අධිකාරිය මගින් පාලන මිලට වැඩියෙන් සීනි අලෙවි කරන ස්ථාන සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/8w7LKLwuvLc”]