fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලාන අවසාන මහා තරගය අද

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2023 12:26

ලෝක කුසලාන අවසාන මහා තරගය අද

13 වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද අහමදාබාද් හිදි පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන මෙම අවසන් මහා තරගය පිළිබදව මේ වනවිට ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අවදනාය යොමුව තිබෙනවා.

දිවා , රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන අවසන් මහා තරගයට ඉන්දියාව එක්වන්නේ අවසන් පූර්ව තගරයේ දී නවසීලන්තය ලකුණු 90කින් පරාජය කරමිනුයි.

තරගාවලියේ මූලික වටයේ තරග සියල්ල ද ඉන්දියාව ජයග්‍රාහණය කළා.

ඕස්ට්‍රේලියාව අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර තරගාවලියේ මුලික වටයේ තරග 7 ක් ජය ගැනීමට ද ඔවුන් සමත්වුණා.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස මේ වන විට රැදී සිටින්නේ විරාත් කෝලි.

ඔහු ලකුණු 711ක් ලබාගෙන සිටිනවා.

වැඩිම කඩුලු ලාභියා වන්නේ ඉන්දියාවේ මොහොමඩ් ෂාමි.

ඔහු දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව කඩුලු 23 ක්.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් වෝනර් තරගාවලිය තුළ ලකුණු 528ක් ලබාගෙන සිටින අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගෙන සිටින්නේ ඇඩම් සම්පායි.

එමෙන්ම දෙපිළේම ක්‍රීඩකයන් රැසක් තරගාවලිය තුළ සුවිශේෂි දස්කම් දක්වා තිබෙනවා.

ඒ අනුව තියුණු තරගයක් ප්‍රේක්ෂකයන්ට දැකගත හැකි වෙතැයි ක්‍රීඩා විචාරකයන් මේ වන විටත් අනාවැකි පළ කොට තිබෙනවා.

ඕස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක් සඳහා එක්වන්නේ 8 වන වරටයි.

1987 , 1999 , 2003 , 2007 හා 2015 යන වසරවලදී ඕස්ට්‍රේලියාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රාහණය කොට තිබෙනවා.

ඉන්දියාව එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයකට එක්වන්නේ 4 වන වරටයි.

1983 හා 2011 යන වසරවලදී ඔවුන් ලෝක කුසලානය ජයග්‍රාහණය කොට තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2023 12:26

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්