පවුල් ආරවුලක් දුර දිග යයි බිරිඳ අතින් සැමියා ඝාතනය වෙයි
Related Articles
බිරිඳ විසින් සිය සැමියා ඝාතනය කළ පුවතක් ඉපලෝගමින් වාර්තා වී තිබෙනවා.
ඔවුන් දෙදෙනා අතර කලක පටන් ඇතිව තිබූ පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි මූලික විමර්ශණ වලදී අනාවරණය වී තිබෙන්නේ.
බිරිඳ විසින් සැමියාට මුගුරකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 52ක පුද්ගලයෙක්.
මිය ගිය අයගේ බිරිඳ පොලීසිය මගින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.