නුවරඑළිය, නානුඔය, ක්ලැරන්ඩන් වත්තේ ඉඳි කරන ලද අංග සම්පුර්ණ වතු නිවාස 30 ක් ජනතාවට ලබා දීම අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ඉතාමත් අඩු පහසුකම් සහිත පැල්පත් නිවාසවල ජීවත් වු වතු කම්කරු පවුල් වලටයි මෙම නව නිවාස ලබාදීමට පියවර ගෙන තිබුණේ.
මෙම සියලුම නිවාස සඳහා ස්ථීර තැපැල් ලිපියනයන් සහිත තැපැල් පෙට්ටියක්ද ස්ථාපිත කොට ඇති අතර, වතු යටිතල සංවර්ධන පහසුකම් අමාත්‍යංශය මගින් වතු නිවාස ඉඳි කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන්, ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. රාජතුරෙයි, ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සංවිධායක ඒ. පී. ශක්තිවේල් යන මහත්වරුන් හා වතු නිවාසලාභීන් ඇතුළු වතු කම්කරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.