fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්පාඤ්ඤ අගමැතිට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2023 10:12

ස්පාඤ්ඤ අගමැතිට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක්

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චේස්ට විරෝධය පලකරමින් මැඩ්‍රිඩ් අගනුවර දී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වුණා.

පෙරේදා දිනයේ දී පේද්‍රෝ සැන්චේස් දෙවන වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.

ඊට විරෝධය පලකරමින් මෙම උද්ඝෝෂණ පැවැත්වුණු අතර එක්ලක්ෂ හැත්තෑදහසකට අධික පිරිසක ඊට සහභාගිවී සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ස්පාඤ්ඤයේ කැටලෑන් ප්‍රාන්තයේ බෙදුම්වාදීන්ගේ සහාය අග්‍රාමාත්‍යවරයාට හිමිවීමත් සමඟ දෙවන වරටත් ධුරයේ හෙබවීමේ අවස්ථාව ඔහුට හිමිවුණා.

එම ප්‍රාන්තයේ සිදුවූ ඝාතනයන්ට සමාව ලබාදීම සඳහා අග්‍රාමාත්‍යවරයා එකගත්වය පළකර ඇති බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ.

මීට වසර හයකට පමණ ඉහතදී එම ප්‍රාන්තය ස්පාඤ්ඤයෙන් ස්වාධීන වන බවට නිවේදනය කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2023 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්