දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට පැමිණ ඇති අතර පහත්බිම් රැසකට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
අධික වර්ෂාවත් සමඟ දැදුරු ඔය ජලාශයේ ජල මට්ටම සීඝ්ර යෙන් ඉහළ යමින් පවතිනවා.
මේ වන විට එය පිටාර මට්ටමට ආසන්න වී ඇති බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
ඒ හේතුවෙන් වාරියපොල , නිකවැරටිය , මහව, කොබෙයිගනේ , බිංගිරිය ,හලාවත රස්නායක පුර ආච්චිකට්ටුව හා පල්ලම යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වලට යම් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා.
එහෙයින් මෙම ප්රදේශවල ජනතාව අවදානයෙන් පසුවීම වැදගත් බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ අතර වර්ෂාවත් සමඟ පස් කදු කඩා වැටීමෙන් හාලිඇල කන්දෙගෙදර මාර්ගයේ නාය යෑමක් සිදුවුණා.
ඒ හේතුවෙන් රථවාහන ධාවන කටයුතු පැයක පමණ කාලයක් මුළුමනින්ම ඇණහිටියා.
පොලිසිය හා මාර්ග සංවර්ධන අධිකාරිය ගම්වාසීන්ගේ සහාය ඇතිව බාධක ඉවත් කිරීමෙන් අනතුරුව යළි මාර්ගයේ එක් මංතීරුවක් රථවාහන ගමනාගමනය සඳහා විවෘත කිරීමටයි කටයුතු කෙරුණේ.