fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අල් ෂිෆා රෝහලේ රැඳී සිටින පලස්තීන වැසියන් හා රෝගීන් ඉන් පිටවීම අරඹයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2023 09:59

අල් ෂිෆා රෝහලේ රැඳී සිටින පලස්තීන වැසියන් හා රෝගීන් ඉන් පිටවීම අරඹයි

අල් ෂිෆා රෝහලේ රැඳී සිටින පලස්තීන වැසියන් හා රෝගීන් ඉන් පිටත්වීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ගාසා නගරයේ අල් ෂිෆා රෝහලේ රැඳී සිටින සියලු දෙනාට ඉවත් වන ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ ඊයේ දැනුම් දුන්නා.

රෝහල තුළ සිදුකළ මෙහෙයුම් අතරතුරදීයි ඊශ්‍රායලය සිදුකළ ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 80 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල තුළ 7,000ක පමණ පිරිසක් රැඳී සිටින අතර විදුලිබලය හා පානීය ජලය නොමැතිවීම හේතුවෙන් තවත් සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

රෝහලේ රැඳී සිටි පලස්තීන සරණාගතයින් හා රෝගීන් ඉන් පිටව යන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම ගාසා තීරයේ ජබාලියා ප්‍රදේශයේ පිහිටා ඇති ජගත් සංවිධානයට අයත් පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් එහි රැදී සිටි විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2023 09:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්