fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අභ්‍යවකාශයේදී දැවී නොගියත් පෘතුවියට ඇතුළු වන විට දැවී අළු වෙන චන්ද්‍රිකාව

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2023 07:01

අභ්‍යවකාශයේදී දැවී නොගියත් පෘතුවියට ඇතුළු වන විට දැවී අළු වෙන චන්ද්‍රිකාව

නාසා ආයතනය සහ ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය ලොව ප්‍රථම වතාවට ලී වලින් සැදූ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යැවීම සඳහා සැලැසුම් කර තිබෙනවා.

ලිග්නෝ සැට් නම් මෙම චන්ද්‍රිකාව ප්‍රමාණයෙන් කෝපි බොන වීදුරු කෝප්පයක තරම් වන අතර මැග්නෝලියා ලීයෙන් සදා තිබෙනවා.

එළඹෙන වසරේ මෙම චන්ද්‍රිකාව පෘතුවි කක්ෂයට දියත් කිරීමටයා නාසා ආයතනය සහ ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය සැලසුම් කර තිබෙන්නේ.

අභ්‍යවකාශයේදී දැව පිළිස්සී නොගියත් නැවත පෘතුවියට ඇතුළු වන විට එය පිළිස්සී අළු බවට පත්වනු ඇති බවයි නාසා ආයතනය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2023 07:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්