ඉන්දියා – ඔස්ට්‍රේලියා අවසන් තරඟය වෙනුවෙන් සමාප්ති උත්සවයක්
Related Articles
ඉන්දියා – ඔස්ට්‍රේලියා අවසන් මහා තරඟය වෙනුවෙන් තරඟ සංවිධායකයින් සමාප්ති උත්සවයක් සංවිධාන කර තිබෙනවා.
එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දියාව දෙවරක් එක්දින ලෝක ශූරයන් බවට පත්ව ඇති අතර ඔස්ට්‍රේලියාව 5 වතාවක් එක්දින ලෝක ශූරයන් බවට පත්ව තිබෙනවා.
කණ්ඩායමේ දෙකේම ක්‍රීඩකයින් ඊයේ අවසන් පුහුණු සැසියට එක් වුණා.
වසර 12කට පසුව එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක සත්කාරත්වය දරණ ඉන්දියාව මෙවර සමාප්ති උලෙළ විචිත්‍රවත් කිරීම සඳහා විශේෂංග රැසක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා.
ඊට ඉන්දියන් ගුවන් හමුදාව නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයට ඉහළ අහසේ සංදර්ශන ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම 1975 වසරේ සිට මෙතෙක් එක්දින ලෝක ශූරයන් වූ කණ්ඩායම් පහේම නායකයින් අවසන් මහා තරඟයට අරාධනා ලැබීමද විශේෂත්වයක්.
සාමන්‍ය දිනවලදී අහමදාබාද්හී හෝටල් කාමරයක් රුපියල් 1,500ක් පමණ වනඅතර ලෝක කුසලාන අවසන් මහා තරඟය හේතුවෙන් මේ දිනවලදී හෝටල් කාමරයක මිල රුපියල් 10,000ක් පමණ වනවා.