fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු කොරියාව සුනඛයින්ගේ මාංශ ආහාරයට ගැනීම තහනම් කරයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2023 15:34

දකුණු කොරියාව සුනඛයින්ගේ මාංශ ආහාරයට ගැනීම තහනම් කරයි

දකුණු කොරියාව සුනඛයන්ගේ මාංශ ආහාරයට ගැනීම තහනම් කරයි.

සත්ත්ව අයිතිවාසිකම් සුරැකීම පිළිබඳ ඇතිව තිබෙන මතයන් වර්ධනය වීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බවයි කොරියා පාලක පක්ෂය සඳහන් කරන්නේ.

මේ අනුව සුනඛ මාංශ අනුභව කිරීමේ පුරාණ චාරිත්‍ර හා මත වෙනස් වනු ඇති.

සුනඛයන් අනුභව කිරීමේ කොරියානු පිළිවෙත හා එහි කෲරත්වය සම්බන්ධයෙන් විදේශයන්ගෙන් දිගින් දිගටම විවේචන එල්ල වුණා.

විශේෂයෙන් තරුණ පරම්පරාවෙන් ද ඊට දැඩි විරෝධයක් එල්ල වී තිබුණා.

තහනම බලාත්මක කිරීම සඳහා කොරියා රජය සහ පාලක පක්ෂය මේ වසරේ පනතක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

සුනඛ මස් කර්මාන්තයේ යෙදී සිටින අයට ඔවුන්ගේ ව්‍යාපාර වසා දැමීමට හැකි උපරිම සහයෝගය ලබා දෙන බවයි කොරියා රජය වැඩිදුරටත් පවසන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2023 15:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්