fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ උමගක් තුළ සිරවූ පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2023 14:44

ඉන්දියාවේ උමගක් තුළ සිරවූ පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත්

ඉන්දියාවේ උමගේ සිරවුණු පිරිස් බේරාගැනීම සඳහා 7 වන දිනටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඉන්දියානු හිමාලයේ කඩා වැටුණු උමං මාර්ගයක සතියකට ආසන්න කාලයක් සිරවී සිටින කම්කරුවන් වෙත ළඟා වීමට උත්සාහ කරන ගලවාගැනීම්කරුවන් දෙවන කැණීම් යන්ත්‍රය පැමිණෙන තෙක්  මේ වන විට බලා සිටිනවා.

එරට ආපදා කළමනාකරණ කාර්යාලය උමග තුළ සිරවී සිටින පුද්ගලයින් සංඛ්‍යාව 40 සිට 41 දක්වා සංශෝධනය කර තිබෙනවා.

ඔවුන් සියලු දෙනාම ආරක්ෂිතව සිටින බව බලධාරීන් පවසනවා.

නාය ගිය පස් කොටස් ඉවත් කරන අතරතුර එක යන්ත්‍රයක් ඊයේ දෝෂයකට ලක්වුණා.

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දෝර් සිට ගුවන් මගින් නව විදුම් යන්ත්‍රයක් රැගෙන ඒමට නියමිතයි.

උමං මාර්ගය කඩාවැටෙන අවස්ථාවේ සේවකයන් 50ත් 60ත් අතර පිරිසක් පිටවීමේ දොරටුව අසල සිටි බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2023 14:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්