ප්‍රමෝද්‍යගේ චෝදනාවට අරවින්ද දුන් පිළිතුර
Related Articles
කුමන ආකාරයේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුවත් ඒවා වළක්වා ගැනීම සහ ඊට අවශ්‍ය පියවර ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය සතු වගකීමක් බව ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා පවසනවා.
ICC “Hall of Fame” ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ අරවින්ද ද සිල්වා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් අද දිවයිනට පැමිණි අවස්ථාවේදීයි මේ බව සඳහන් කළේ.
පසුගියදා ඉන්දියාවේදී අරවින්ද ද සිල්වාට මෙම සම්මානය ලබාදුන් අතර මීට පෙර මෙම සම්මානය කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන සහ මුත්තයියා මුරලිදරන් යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට හිමිව තිබුණා.