ක්‍රිකට් ගැන කතා කරන්න ක්‍රිකට් සභාපති ඉන්දියාවට
Related Articles
ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මහ සභා රැස්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා අද එක්වනවා.
ඊට සමගාමීව ලබන 21 වනදා පැවැත්වෙන විශේෂ විධායක රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.
මෙම විධායක රැස්වීමේදී ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේදී ශ්‍රීලංකාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලානය පිළිබඳවද අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.