fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෝමියෝපති වෛද්‍යවරුන් මෙරට දී නිර්මාණය කිරීම සඳහා පුහුණු විද්‍යා පීඨයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2023 10:54

හෝමියෝපති වෛද්‍යවරුන් මෙරට දී නිර්මාණය කිරීම සඳහා පුහුණු විද්‍යා පීඨයක්

හෝමියෝපති වෛද්‍යවරුන් මෙරට දී නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පුහුණු විද්‍යා පීඨයක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත ආරම්භ කරන මෙම ආයතනය මගින් හොමියෝපති ඩිප්ලෝමාව ප්‍රථම වරට මෙරදී ලබාදීමට හැකි වනවා.

වැලිසර හෝමියෝපති රෝහලේ නේවාසික රෝගී සත්කාර සේවා කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

අතුරු ආබාධවලින් තොර වෛද්‍ය ක්‍රමයක් ලෙස හොමියෝපති ක්‍රමය ලොවපුරා ප්‍රචලිතව පවතිනවා.

වැලිසර හෝමියෝපති රෝහල මෙරට එකම හෝමියෝපති රෝහලයි.

පසුගිය කොරෝනා වසංගත සමයේ එය වසාදමා තිබුණා.

රුපියල් මිලියන 3කට ආසන්න මුදලක් වැයකරමින් මෙම රෝහල යළි විවෘත කිරීම රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2023 10:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්