උත්සව සමයට කුකුළු මස් සහ බිත්තර මිල පහළ යන ලකුණු

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2023 12:00

උත්සව සමයට කුකුළු මස් සහ බිත්තර මිල පහළ යන ලකුණු

උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල ගණන් තවදුරටත් පහළ යනු ඇති බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා.

වැට් බදු වැඩි කිරීම මගින් ආනයනික සත්ත්ව ආහාර මිල ගණන්වල ඉහළ යාමක් සිදුවුවහොත් මෙම තත්ත්වයේ වෙනසක් සිදුවිය හැකි බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ඔවුන්ගේ නිෂ්පාදන අඛණ්ඩව වෙළෙඳපොළට එවීම හේතුවෙන් මේවන විට රුපියල් 35 – 40 අතර මිලකට බිත්තරයක් අලෙවි කිරීමේ හැකියාවක් පවතින බව අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2023 12:00