උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ කඩා වැටුණු උමං මාර්ගය තුළ සිරවී සිටින කම්කරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව ඉන්දීය වාර්තා සඳහන් කරනවා.
පසුගිය ඉරිදා මෙම උමගෙහි කොටසක් නායයෑමෙන් කම්කරුවන් 40ක් පමණ ඒ තුළ සිරවී සිටිනවා.
නිලධාරීන් පැවසුවේ උමගෙහි මීටර් 200ක් පමණ අභ්‍යන්තරයෙන් ඔවුන් සිරිවී සිටිය ද කිසිවෙකුටත් තුවාල සිදු වී නැති බවයි.
හිමාල කදුමුන් සහ අයිස් කදු කිහිපයක් පිහිටි ප්‍රසිද්ධ හින්දු වන්දනා ස්ථානයක් පිහිටි මෙම ප්‍රදේශයට සෑම වසරකම දහස් ගණන් බැතිමතුන් පැමිණෙනවා.
ඒ අනුවයි එම උමං මාර්ගයේ පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ.
ඉදිකිරීම් කටයුතු සඳහා උමඟට ජලය සැපයීම පිණිස ඇති නළ මාර්ගයක් ඔස්සේ මෙම පිරිසට ආහාර, ජලය සහ ඔක්සිජන් යැවීම සිදු කෙරෙනවා.