තියටර් 7 ළමා නාට්‍ය ඇගයීම් උළෙල බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වුණා.
බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය එක්වයි මෙය සංවිධාන කළේ. ප්‍රාථමික හා ද්වීතියික අංශ යටතේ පැවැත්වූ නාට්‍ය තරගාවලියේ දක්ෂතා දැක්වූ දරු දැරියන් මෙහිදී ඇගයීමට සහ සම්මානයට පාත්‍ර වුණා. මෙම අවස්ථාවට බස්නාහිර හා පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා ප්‍රධාන ආරාධිත ලෙස එක්වුණා. සෞන්දර්ය නිකේතනයේ සභාපති ශ්‍රියන්ත මෙන්ඩිස්/ බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා ඇතුළු පිරිසක් ඇගයීම් උළෙලට එක්වුනා.