සාහිත්‍යවේදීන් ඇගයීමේ ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල ජාතික පුස්තකාල සේවා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණා.
එස් ගොඩගේ මහතාගේ සංකල්පයක් මත 25 වන වතාවටයි මෙම සාහිත්‍ය ඇගයීමේ උත්සවය සංවිධාන කර තිබුණේ.
සිංහල, දෙමළ හා ඉංග්‍රිසි කෘතිවල ලේඛක ලේඛිකාවන් මෙහිදී ඇගයීමට ලක්වුණා.
නවකතා, කෙටිකතා, ශාස්ත්‍රීය කෘති, කාව්‍ය තීරු ලිපි භාෂා ත්‍රිත්වයෙන් සිදුකළ පරිවර්තන මෙහිදී ඇගයීමට ලක්වුණා.
අත්පිටපත්වලින් ජයග්‍රහණය කළ ලේඛක ලේඛිකාවන්ට සම්මාන ප්රදානය කිරිමට කටයුතු කෙරුණා.
නන්දා ගොඩගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඇගයීම් ප්‍රදානෝත්සවයට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ උපදේශක හෂීම් ඕමාර් මහතා ද එක්ව සිටියා.
ඔවුන් අතිනුයි සම්මාන ප්රදානය සිදු කෙරුණේ.