fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජගත් මානව හිමිකම් ප්‍රධානියා ඊශ්‍රායලයෙන් කළ ඉල්ලීම

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2023 14:46

ජගත් මානව හිමිකම් ප්‍රධානියා ඊශ්‍රායලයෙන් කළ ඉල්ලීම

ගාසා තීරයේ විශාලතම රෝහල වන අල්ෂිෆා රෝහල නිරීක්ෂණය සඳහා තම කණ්ඩායමට අවස්ථාව ලබාදෙන ලෙස ජගත් මානව හිමිකම් ප්‍රධානියා ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානි වොල්කර් ටර්ක් පවසන්නේ අල්ෂිෆා රෝහල ඇතුලු සමස්ත ඛේදවාචකය පිළිබද ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

අල්ෂිෆා රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ රෝගීන් ඔක්සිජන් සහ ජලය නොමැති වීමෙන් පීඩා විදින බවයි.

ඒ අතරතුර ඊශ්‍රායල බලධාරීන් සදහන් කළේ රෝහලට යට බංකර් වල හමාස් මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බවයි. එම භූගත බංකර්වලට එල්ල වු ඊශ්‍රායල ප්‍රහාරවලින් ද විශාල පිරිසකට හානි සිදුව ඇති බව වාර්තා වනවා.

ඊශ්‍රායලය විසින් අල්ෂිෆා රෝහල් සංකීර්ණයේ තිබි සොයා ගත් බව කියන උමං පතුලු වල ඡායාරූප සහ වීඩීයෝ පට මේ වන විට නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් හමාස් සංවිධානය මෙය ප්‍රතික්ෂේප කරනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2023 14:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්