fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියාවේ සිසුන් පාසල් වර්ජනය කරමින් දේශගුණික රැළිවලට යයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2023 13:24

ඕස්ට්‍රේලියාවේ සිසුන් පාසල් වර්ජනය කරමින් දේශගුණික රැළිවලට යයි

ඕස්ට්‍රේලියාවේ සිසුන් දහස් ගණනක් පාසල් වර්ජනය කරමින් දේශගුණික රැළි වලට සහභාගී වීම සඳහා පන්තිවලින් පිටව ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන බලපෑම්වලට නිසි විසඳුම් ලබා නොදෙන බව පවසමිනුයි මෙම උද්ඝෝෂණ ක්‍රියාත්මක වන්නේ.

රට ස්වභාවික විපත් සමඟ තවත් ගිම්හානයකට මුහුණ දෙන බැවින් දේශගුණික වෙනස්කම් සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස මෙම සිසුන් ඉල්ලා සිටිනවා.

ප්‍රකට විද්‍යාඥයින් තුන් දෙනෙකු මේ සම්බන්ධයෙන් ලියන ලද ලිපියක් අන්තර්ජාලය ඔස්සේ කියවීමෙන් අනතුරුව සිසුන් මීට වැඩි වශයෙන් පෙළඹුනු බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අධ්‍යාපන බලධාරීන් පවසන්නේ මෙම සටහන විධිමත් වෛද්‍ය සහතිකයක් නොවන බවයි.

නව ගල් අගුරු සහ ගෑස් ව්‍යාපෘති තුළින් තවදුරටත් පරිසරයට හානි සිදුවන බව උද්ඝෝෂකයන් පවසනවා.

සිඩ්නි නුවරදී විරෝධතාකරුවන් පරිසර අමාත්‍යවරියගේ කාර්යාලය ඉදිරිපිට දී හඩ නගමින් විරෝධතාව පළකර තිබෙනවා.

දේශගුණික විපර්යාස හේතුවෙන් එල්ලවන තර්ජනවලට ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාව දිගු කළක් ජාත්‍යන්තර විවේචනවලට ද මුහුණ දී සිටිනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2023 13:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්