fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රීකුණාමලය – පුත්තලම ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ අවදානමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2023 11:23

ත්‍රීකුණාමලය – පුත්තලම ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ අවදානමක්

ත්‍රීකුණාමලය – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මහකනදරාව ජලාශය අසළ කොටස ගිලා බැසීමේ අවදානමක් මතුව තිබෙනවා.

අනුරාධපුරයට ඇඳ හැළෙන අධික වර්ෂාවත් සමඟ මහකනදරාව ජලාශය වාන් මටට්ම දක්වා ජලය පිරී පවතිනවා.

වැව් බැම්ම සොදා යාමට පටන් ගෙන ඇති අතර මේ හේතුවෙන් මාර්ගය ගිලා බැසීමේ අවදානමක් ද පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

කාපට් යොදා ඇති මෙම මාර්ගය ඉරිතැලි තිබෙනවා.

මාර්ගය දෙපස ඇති ගස් හා අධිබැලැති විදුලි රැහැන් කණුද  සමගින් මාර්ගය ඛාදනය වෙමිනුයි පවතින්නේ.

මිහින්තලය ප්‍රාදේශීය ලේකම් අනුරාධ නායක බණ්ඩාර මහතා මෙම ප්‍රදේශයට පැමිණ තත්ත්වය පිළිබඳව සොයා බැලුවා.

වාරි මාර්ග දෙපාර්තමේන්තුව හා පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට මේ පිළිබද දැනුම් දීමට ද ප්‍රාදේශීය ලේකම්වරයා ක්‍රියා කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2023 11:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්