fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල 25 වැනි වරටත්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2023 10:32

ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල 25 වැනි වරටත්

සාහිත්‍යවේදීන් ඇගයීමේ ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල පසුගියදා ජාතික පුස්තකාල සේවා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණා.

එස් ගොඩගේ මහතාගේ සංකල්පයක් මත 25 වන වතාවටයි මෙම සාහිත්‍ය ඇගයීමේ උත්සවය සංවිධාන කර තිබුණේ.

සිංහල , දෙමළ හා ඉංග්‍රිසි කෘතිවල ලේඛක ලේඛිකාවන් මෙහිදී ඇගයීමට ලක්වුණා.

නවකතා , කෙටිකතා, ශාස්ත්‍රීය කෘති , කාව්‍ය තීරු ලිපි භාෂා ත්‍රිත්වයෙන් සිදුකළ පරිවර්තන මෙහිදී ඇගයීමට ලක්වුණා.

අත්පිටපත්වලින් ජයග්‍රහණය කළ ලේඛක ලේඛිකාවන්ට සම්මාන ප්‍රදානය කිරිමට කටයුතු කෙරුණා.

නන්දා ගොඩගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඇගයීම් ප්‍රදානෝත්සවයට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ උපදේශක හෂීම් ඕමාර් මහතා ද එක්ව සිටියා.

ඔවුන් අතිනුයි සම්මාන ප්‍රදානය සිදු කෙරුණේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2023 10:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්