fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවංගත ඩී.ඒ රාජපක්ෂ මහතාගේ 56 වන ගුණසමරු දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2023 11:04

දිවංගත ඩී.ඒ රාජපක්ෂ මහතාගේ 56 වන ගුණසමරු දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී

දිවංගත ඩී ඒ රාජපක්ෂ මහතාගේ 56 වන ගුණසමරු දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

ඩී ඒ රාජපක්ෂ මහතා පිළිබඳ පූර්විකාව කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය සංජීව පතිරණ මහතා සිදුකළා.

අනුස්මරණ දේශණය පැවැත්වුයේ කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ධනංජය ගම්ලත් මහතායි.

පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර ස්වාමින් වහන්සේ මෙහි මුලසුන හෙබවුවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුලු පිරිසක් මීට එක්ව සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම පවුලේ ඥාතීන් , මැති ඇමතිවරුන් , විදෙස් තානාපතිවරුන් ඇතුලු පිරිසක් ගුණසමරු දේශණයට සහභාගී වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2023 11:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්