fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2023 09:50

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

කොළඹ – බදුල්ල උඩරට  දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබෙනවා.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය දියතලාව හපුතලේ අතර අංක 156 සැතපුම් කණුව අසළට ලගාවෙද්දී මෙම පස්කන්ද නාය ගොස් ඇත්තේ.

පස්කන්ද දුම්රිය එන්ජිමට අසළට කඩා වැටුණත් දුම්රිය මැදිරිවලට හානියක් සිදුවී නැහැ.

දුම්රිය එන්ජින් දෙකක් සහිතව ගමන් ගන්නා දුම්රියේ ඉදිරියේ ඇති එන්ජිම ගල් වල ගැටී නැවතී තිබු අතර ඉතුරු එන්ජිම හා මැදිරි ඉවත් කෙරුණා.

කෙසේ වෙතත් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය  දැනට අඩාල වී තිබෙනවා.

මේ වනවිට බාධක ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2023 09:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්