fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වාරිමාර්ග අමාත්‍යාංශය පිළිබඳ උපදේශන කාරක සභාව රැස්වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2023 05:47

වාරිමාර්ග අමාත්‍යාංශය පිළිබඳ උපදේශන කාරක සභාව රැස්වෙයි

වාරිමාර්ග අමාත්‍යාංශය පිළිබඳ උපදේශන කාරක සභා රැස්වීම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ඊයේ (11/16) අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙහිදී අමාත්‍යාංශය යටතේ පවතින සියළුම ආයතන හා ව්‍යාපෘතීහි ගෙවෙන වර්ෂයේ ප්‍රගතිය හා අයවැය යෝජනා පරිදි ඉදිරි වර්ෂයේ ඉලක්ක පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.

පවතින ගැටලු අවම කරගනිමින් මහජනතාව වෙත උපරිම සේවාවක් සැපයීම සඳහා කාර්ය හා කර්තව්‍යය මනා ලෙස විධිමත්ව ඉටුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස මෙහිදී අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

මෙම අවස්ථාව සඳහා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී.ජයලාල් මහතා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජි. අජිත් ගුණසේකර මහතා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ඉංජි. සුනිල් පෙරේරා මහතා, අතිරේක ලේකම්වරු, ව්‍යාපෘති අධ්‍යක්ෂවරු ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී වුණා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2023 05:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්