හොරෙන් ගෙන ආ දුම්වැටි සහිත කන්ටේනර් රථයක් කොටුවෙයි
Related Articles
තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සහිත කන්ටේනර් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා..
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කැලණිතිස්ස විදුලි බලාගාරය අසලදී කන්ටේනර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (16) සවස කන්ටේනර් රථය නවතා පරීක්ෂා කර ඇති බවයි පොලිසිය නිවේදනය කළේ.
එම කන්ටේනර් රථය සහ එහි රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.