ප්‍රමෝද්‍ය ගේ චෝදනාව ගැන විමර්ශන කරන්න ක්‍රීඩා ඇමති උපදෙස් දෙයි
Related Articles
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමොද්‍ය වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 13වන දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
එලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ, ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශණ ඒකකය වෙතයි.
2019 අංක 24 දරන ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි වන තරග පාවාදීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම සම්බන්ධිත කාරණා පිළිබදව තොරතුරු ඔහු දන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමොද්‍ය වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා දැනුම් දුන්නේ.
ඒ අනුව අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම ප්‍රකාශය ඔහු දරන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති යන තනතුර මත බරපතල ප්‍රකාශයන් වන බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කඩිනමින් පියවර ගත යුතු බවට යි.