දෙණියාය පල්ලේගම – ප්රදේශයේ දී, චීවරධාරියෙකු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.
ඒ රාජකාරී කටයුත්තක් සඳහා ගිය අවස්ථාවක දීයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ නිලධාරියා දෙණියාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙනියාය පොලීසියට අනුයුක්තව සේවය කළ 37 හැවිරිදි වියේ පසුවූ පොලිස් කොස්තාපල්වරයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් 18 හැවිරිදි වියේ පසුවන සැකකාර චීවරධාරියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.