පියාසර කුලී රථ පිළිබඳ ලෝකයේ බොහෝ දෙනාගේ උනන්දුව ඇතිව තිබෙනවා.
ඒ ඩුබායි ගුවන් ප්‍රදර්ශනයේදී මේවා ප්‍රදර්ශනයට තැබීමත් සමඟයි.
පියාසර කුලී රථ දශක ගණනාවක් තිස්සේ විද්‍යා ප්‍රබන්ධ ඔස්සේ අපට සමීප වුණා.
එහෙත් සැබෑ ලෝකයේ මේවා දැකගැනීමට තිබුනේ නැහැ.
නමුත් 2025 වසරේ පටන් වෙළඳපොළේ දී මේවා දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇති .
මගීන් හතර දෙනෙකුට ගමන් කළ හැකි, විද්‍යුත් බලයෙන් ක්‍රියාත්මක සිරස් අතට ගෙන යා හැකි සහ ගොඩබෑමේ කුඩා ගුවන් යානයක් වන අර්චර්ස් මිඩ්නයිට් සඳහා ඇමරිකා ගුවන් අධිකාරිය ඉක්මනින් අවසර ලබා දෙනු ඇති.
ආරම්භයේදී ඩුබායි ගුවන්තොටුපළේ සිට අබුඩාබි ගුවන්තොටුපොළ දක්වා මෙම කුලී ගුවන් ටැක්සි අත්හදාබැලිමට නියමිතයි.
මේවා මිල අඩු සහ පරිසර හිතකාමී වීම විශේෂත්වයක්.