රුපියල් මිලියන 60කට අධික කුෂ් නැමැති විෂ මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු ආදායම් අධීක්ෂණ ඒකකයයි වැටලීම සිදුකළේ.
නීතිවිරෝධි ලෙස එවන ලද පාර්සලයක් පරීක්ෂා කිරිමේ දී එහි තිබි මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 6ක් සොයා ගෙන තිබෙනවා.
ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට මෙම පාර්සලය ලැබී තිබුණා. එය භාර ගැනීමට ඔරුගොඩවත්ත රේගු ආදායම් අධීක්ෂණ ඒකකයේ භාණ්ඩ පරීක්ෂණ අංගනයට පැමිණි පුද්ගලයෙකු රේගුව මගින් අත්අඩංගුවට ගැණුනා.
සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.