fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරියානු ජනාධිපතිගේ විශේෂ නියෝජිත බුසාන්හි නගරාධිපති සහ කථානායකවරයා අතර හමුවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2023 13:52

කොරියානු ජනාධිපතිගේ විශේෂ නියෝජිත බුසාන්හි නගරාධිපති සහ කථානායකවරයා අතර හමුවක්

කොරියානු ජනාධිපතිගේ විශේෂ නියෝජිත බුසාන්හි නගරාධිපති පාර්ක් හියොන්-ජූන් මහතා ප්‍රමුඛ දූත පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පසුගියදා  (14) පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී මහත්මිය එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ක් හියොන්-ජූන් මහතා, World EXPO 2030 ප්‍රදර්ශනය සඳහා කොරියාවේ අපේක්ෂකත්වය පිළිබඳවත් මෙම ප්‍රදර්ශනය කොරියාවේ බුසාන් නගරයේ පැවැත්වීම සඳහා වන සූදානම පිළිබඳවත් කතානායකවරයා දැනුවත් කළා.

මේ ඔස්සේ ආසියානු කලාපයට විශාල ප්‍රතිලාභ රැසක් ලැබනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

එසේම දෙරට අතර පවතින රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳවද මෙහිදී සාකච්ඡා වුණා.

පාර්ලිමේන්තුවේ නැරඹුම් චාරිකාවට එක්වූ දූත පිරිස කථානායකවරයාගේ විශේෂ අමුත්තන්ගේ ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම ද නැරඹීමට එක්වූ අතර, අනතුරුව කථානායකවරයා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සමඟ විශේෂ දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2023 13:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්