ලයිබීරියා ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම තවදුරටත්
Related Articles
ලයිබීරියා ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම තවදුරටත් සිදු වනවා.
පාපන්දු ශූරයෙකු වන ජෝර්ජ් වී සහ හිටපු උප ජනාධිපති ජෝසප් බොකායි අතර ජනාධිපතිවරණ සටන ක්‍රියාත්මක වුණා.
ඡන්දය සාමකාමීව පැවැත්වුණු අතර, මිලියන 2.4කට අධික ඡන්දදායකයින් දෙවන වටය අපේක්ෂාවෙන් සිටිනවා.
57 හැවිරිදි ජෝර්ජ් වී සහ 78 හැවිරිදි බෝකායි අතර තියුණු තරගයක් පවතිනවා.
ඡන්ද මධ්‍යස්ථාන 5,890 න් 1,315 ක ප්‍රතිඵල මේ වන විට ගණන් කර ඇති අතර ඡන්දවලින් 50.7 %ක් ලබා ගනිමින් බොකායි ඉදිරියෙන් සිටිනවා.
ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට ඡන්ද විමසීමෙන් දින 15ක කල් ලබාදී තිබෙනවා.
එහෙත් එය ඉක්මනින් නිකුත් කිරීමට නියමිතයි.