ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව වෙත පසුගිය දා කැඳවු අවස්ථාවේ එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ පුත්‍රයා ද ඊට සහභාගී වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
ඊට පිළිතුරු දුන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/6znx9ruh4-Q”]