fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණ දිනය ගැන එරට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2023 12:42

බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණ දිනය ගැන එරට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් 

බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජනවාරි 7 වැනිදා පැවැත්වෙනු ඇතැයි එරට මැතිවරණ කොමිසම  නිවේදනය කළා.

කඩිනමින් මහ මැතිවරණය පවත්වන ලෙසත්, ඊට පෙර අග්‍රාමාත්‍ය ශීක් හසීනාට ධුරයෙන් ඉවත් වන ලෙසත් බල කරමින් බංග්ලාදේශයේ ඩකා අගනුවර ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්වෙනවා.

විරෝධතා පවත්වන්නේ ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂයයි.

බංග්ලාදේශ ජාතික පක්ෂය පෙන්වා දෙන්නේ ශීක් හසීනාගේ රජයක් යටතේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බවයි.

අග්‍රාමාත්‍යවරිය ශීක් හසීනා වහා ධුරයෙන් ඉවත් වී, භාරකාර රජයක් යටතේ මැතිවරණය පැවැත්විය යුතු බවටයි විපක්ෂය ඉල්ලා සිටින්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2023 12:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්